වරායේ සේවක විරෝධය මර්ධනය වහා නවතන්න – ජනාධිපතිට ලියයි

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිළධාරීන් හට පමණක් 2018 ජනවාරි මාසයේ සිට බලපවත්වන පරිදි අගෝස්තු මස නැවත වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් බරපතල වැටුප් විෂමතාවයක් නිර්මාණය වී ඇති අතර මෙම වැටුප් වැඩි කිරීමට එරෙහිව විධායක නොවන සියළුම සේවකයින්ගෙන් විශාල විරෝධයක් මේ වන විට ඇතිවී තිබේ. නිර්මානය වී ඇති බරපතල වැටුප් විෂමතාවය නිවැරදි කිරීම සඳහා විධිමත්ව හා නිවැරදිව කටයුතු කිරීමට බල කරන ක‍්‍රියාමාර්ග ගනු ලබන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කෙරෙහි ඇති විශ්වාසය හේතුවෙන්, වෙනත් වෘත්තීය සමිති සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන වරාය සේවකයින් විශාල ප‍්‍රමාණයක් තම වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ලබා ගනිමින් සිටින බවත් මෙම තත්වයට එරෙහිව පාලනාධිකාරිය වෘත්තීය සමිති නිලධාරීන් සාමාජිකයින් පිටත වරායන් හා කොළඹ වරායන් තුල ස්ථාන මාරු කරමින් සිටින බවත් එම සංගමය පවසයි. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ සහෝදරයාගේ අත්සන් සහිතව මෙම සේවක මර්දනය නතර කිරීමට කටයුතු කරන ලෙස කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත. එම ලිපියේ වැඩිදුරටත් දක්වා සිටින්නේ මේ අයුරින් පිටත වරායන් වෙත පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාල සීමාවේ දේශපාලන පලිගැනීම් ලෙස වරාය සේවකයින් ස්ථාන මාරු කිරීම් සිදුකරන ලද බවත් එම ස්ථාන මාරුවීම් වලට ලක් වු පිරිසද මීට ඇතුලත්වීම කණගාටුවට කරුණක් බවය. එම අ¥රදර්ශි, ජනතා විරෝධී පාලනය පෙරලා යහපාලන රජයක් පිහිටුවීමෙන් පසුද එවැනිම මර්ධන ක‍්‍රියාවන් මෙම යහපාලන ආණ්ඩුව විසින් සිදුකිරීම කිසිසේත්ම වැඩකරන ජනතාව බලාපොරොත්තු නොවුවක් වන අතර සේවක විරෝධය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ඇතුළු පාලනධිකාරිය විසින් ලබා දී ඇති සේවක මාරු කිරීම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි, සේවකයන් මර්ධනය කිරීම සඳහා දේශපාලන හේතු පදනම් කරගනිමින් කල ස්ථාන මාරුවීම් බව ද එම සංගමය පවසා ඇත.
මෙසේ දී ඇති ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසත්, උද්ගත වී ඇති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහාත්, සාකච්ඡුාවක් කඩිනමින් ලබාදෙන මෙන් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *