වරාය සේවකයින්ගේ ස්ථාන මාරු අවලංගු කරයි – පිළිගැනීමේ උත්සවයක් වරාය පිවිසුමේදී

පසුගිය අගෝස්තු මාසයේ විධායක නිලධාරීන්ගේ පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් නිර්මාණය වූ බරපතල වැටුප් විෂමතාවය නිවැරදි කරන ලෙස බලකරමින් කරන ලද අරගලයේදී වෘත්තීය සමිති නායකයින් අත්තනෝමතිකව ස්ථාන මාරු කළ අතර අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමෙන් පසු පාලනාධිකාරිය මගින් නැවත එම ස්ථාන මාරුවීම් අවලංගු කළේය. මෙසේ එම ස්ථාන මාරුවීම් ලැබූ වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹ වරායට පිළිගැනීමේ උත්සවය අද (21) කොළඹ වරාය පිවිසුම ඉදිරිපිටදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ සහෝදරයා ඇතුලූ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.

පාලනාධිකාරිය විසින් වරාය තුල සිදුකළ වැටුප් විෂමතාවය හේතුවෙන් එය නිවැරදි කිරීම සඳහා කල අරගලයේදී වෘත්තීය සමිති ක‍්‍රියාකාරී නායකයින් ත‍්‍රීකුණාමලය හා ගාල්ල වරායන්වලට ස්ථාන මාරු කිරීම් සිදු කළහ.
එයට එරෙහිව තම සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද නඩුවට අදාලව අධිකරණය මගින් එම ස්ථාන මාරු කිරීම් අවලංගු කරන ලෙස නියෝග කිරීම තම සංගමය ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත් එමෙන්ම වැටුප් විෂමතාවය නිවැරදි කර සියලූ සේවකයින්ට වැටුප් වැඩිකර ගැනීම වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යන බවත් මෙහිදී චන්‍ද්‍රසිරි සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *