වැඩකරන ජනතා ඉල්ලීම් ඉල්ලා ජනතා පෙත්සමක්

රු. 5649.60 ක වැටුප් වැඩිවීමක් ලබාදෙනු !
අහිමි කළ රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප යලි ලබාදෙනු !
EPF අරමුදල වනසන ADB-USA ධවල පත‍්‍රිකාව වහා හකුලාගනු !
වතු කම්කරුවන්ට ස්ථිර මාසික වැටුප් ක‍්‍රමයක් සකසනු
යන ඉල්ලීම් දිනාගැනීම අරමුණු කරගෙන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ආරම්භ කර ඇති දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවේ එක් උද්ඝෝෂණයක් අද (18) දින සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි. එහිදී දැවැන්ත ජනතා පෙත්සමකට අත්සන් ලබාගැනීම සිදුවූ අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජානක අධිකාරී, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සමන්ත කෝරලේආරච්චි, ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයින් ද මේ සඳහා සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *