වැඩකරන ජනතා බලය පිරුණු ජවිපෙ මැයි රැළිය

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය පක්ෂ නායකයින්, විදෙස් නියෝජිතයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (07) පස්වරුවේ කොළඹදී අභිමානවත් අයුරින් සැමරිණි.

සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන, ජනතාවාදී පාලයනක්, යන්න ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින තේමාව විය.

මැයි පෙළපාළිය කොළඹ කැම්බල් පිටියේදී පස්වරු 1.00ට පමණ ඇරඹුණ අතර මැයි රැලිය පැවැත්වූයේ කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගනයේදීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත යන සහෝදරවරුන් ඇතුළු ජවිපෙ නායකයන් පෙරටු කරගෙන ආරම්භ වුණු මැයි පෙළපාළිය ජිවන වියදම, බඩු මිල උද්දමනය, රාජ්‍ය දේපළ විකිණීම, අල්ලස ලදුෂණය අපරාධ යන තේමා යටතේ විවිධ අයුරින් නිර්මාණය කෙරුණු ප්‍රදර්ශන රථ රැසකින්ද විවිධ නැටුම්ල ගැයුම්ල වැයුම් කලාංගවලින්ද සමන්විත විය.

මැයි දින රැලියේ වේදිකාව කම්කරු අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය දැක්වෙන ආකාරයට නිර්මාණය කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සුබ පැතුම් පිරිනමමින් නේපාලයේ රාජ්‍ය බලය හොබවන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් ඇතුළු විදෙස් රටවල් රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සුභපැතුම් එක්කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *