විදුලි සමිති නායකයින්ගේ වැඩ තහනමට එරෙහිව 9 දා සිට ඉදිරි ක‍්‍රියාමාර්ග

ලංකා විදුලි බල මණ්ඩලය සිදුකර ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළි කිරීම හා ඒවාට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස බල කල ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ වැඩතහනමට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවති අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහෝදරයා මෙහිදී අදහස් දැක්වීය. ජාතික සේවක සංගමයේ, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් මෙම අවස්ථාව සහභාගී විය. මෙම විරෝධතාවයේ මුල් පියවර ලෙස අපේ‍්‍රල් 09 දින විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට විරෝධතා පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී පැවසීය.

https://www.facebook.com/ranjanjayalal.jayalal/videos/216246779127652/

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *