විදුහල්පතිනිය දණගැස්වීමට එරෙහිය ඌව මහඇමති චාමර සම්පත්ට නොතීසි.

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන රගුණන් භවානි මහත්මිය දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුව සදහා ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස අද (31) නොතීසි නිකුත්කර ඇත.

මේ සම්බන්ධව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අතර එහිදි ලබන මස 11 වන දින ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුලූ 23 දෙනකුට අධිකරණයේ පෙනීසිටින ලෙස දැනුම්දුන් බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වු මහින්ද ජයසිංහ සහෝදරයා පැවසූයේ

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති තුමිය වන රගුණන් භවානි මහත්මිය ඉතාමත් අමානුෂික ලෙස හිටපු මහඇමති චාමර සම්පත් දසනායක ඔහුගේ නිළ නිවසට ගෙන්වාගෙන ඇයට පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනය කරමින් ඇයව ඔවුහු ඉදිරියේ දණ ගස්වලා තිබුණා.

මෙම සිදුවීම මේරටේ ගුරු විදුහල්පති වරුන් පමණක් නෙමේ මේ රටේ මුළු මහත් රාජ්‍ය සේවයම මෙවැනි පහත් දේශපාලකයින් ඉදිරියේ දණගැස්විමක් ලෙසයි අපි දකින්නේ. ඒ නිසා අද මේ උසාවියේ විභාගවෙන්නේ වෙන කිසිදු නඩුවක් නෙමේ දේශපාලන නඩුවක්. ඒ නිසා අපි දකිනවා රගුණන් භවානි විදුහල්පති තුමියව දණගැස්වීම හරහා මේ රටේ මුළු මහත් රාජ්‍ය සේවයම අපකීර්තියට පත්කරලා තියෙනවා, මුලූමහත් විදුහල්පති හා ගුරු සේවයම අපකීර්තියට පත්කරලා තියෙනවා.ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ සම්බන්ධව වඩාහොද තීන්දුවක් දෙයි කියලා අප බලාපොරෝත්තු වෙනවා.

ඒනිසා අප හිතනවා ලබන 11 වනදින චාමර සම්පත් දසනායකටත් සිද්ධ වෙනවා උසාවියට එන්න ඔහුගේ නීතීඥයන් සමග. ඒ නිසා අප බලාපොරෝත්තු වෙනවා මේ නඩුවේදී ඉතා හොද තීන්දුවක් ලබාදෙයි කියලා. මොකද අපට මතකයි මීට ඉහතදී නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පති වරයා හිටපු මහ ඇමති උතුරු මැද පලාතේ පේෂල ජයරත්න විසින් අත්තනොමතික ලෙස දේශපාලන අවශ්‍යතාමත ස්ථාන මාරු කිරීම සම්බන්ධව ඉතාහොද තීන්දුවක් මේ උසාවියෙන් ලබා දුන්නා. ඒ නිසා අප බලාපොරාත්තු වෙනවා රගුණන් භවාහි විදුහල්පති තුමිය සම්බන්ධයෙන්ද හොද තීන්දුවක් ලබාදෙයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *