විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියට පෙත්සම සලකා බැලීම 25 දා

ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා තමාව දණගස්වා අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 11 ) තීන්දු කළේය. ඒ අදාළ පෙත්සම අද (11) බුවනෙක අළුවිහාරේ , විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේර යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලද අවස්ථාවේදීය.

පෙත්සම්කාර දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිය ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමන්ව කැඳවා දණගස්වා අමානුශික ආකාරයෙන් බැණ වැදුණු බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප‍්‍රතික්ෂේප කර තිබේ. එම නිසා ඔවුන් වෙනුවෙන් අද දින පෞද්ගලික නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *