විදුහල්පති මාරුකලාට උතුරුමැද හිටපු මහ ඇමතිට 250000 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

උතුරුමැද හිටපු මහ ඇමතිවරයා වු පේෂල ජයරත්න විසින් අත්තනෝමතික ලෙස නිවර්තක චේතිය විදුහල්පතිවරයා කලාප අධ්‍යාපන කාර්යාලයට ස්ථාන මාරු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රු: 250000 ක මුදලක් හා රජයේ ගාස්තු වශයෙන් රු: 50000 ක මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත.
2016 වර්ෂයේ සැප්: 09 දින අනුරාධපුර නිවර්තක චේතිය විදුහලෙහි පැවති මුල්ගල් තැබිමේ උත්සවයකට අදාලව එහි සිසු දරුවන් සහ දෙමව්පියන් නොකැදවිමට උරනව එහි විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටි ආර්. පි. කරුණාරත්න බණ්ඩාර මහතා එම මස 14 වැනි දින සිට වහා ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට ස්ථානමාරු කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අංක 356/2016 දරණ මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව අද දින මෙලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.
එමගින් මහ ඇමතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12/01 වගන්තිය උල්ලංඝනය කරමින් විදුහල්පතිවරයාගේ මුලික අයිතිවාකම් කඩකර ඇති හෙයින් මෙම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ඊට වන්දි වශයෙන් රු: 250000 ක මුදලක් හා රජයේ ගාස්තු වශයෙන් රු: 50000 ක මුදලක් ගෙවන ලෙසත් නියෝග කර ඇත.
මෙම අවස්ථාවට සහභාගී වූ ගුරු විදුහල්පති පෙරමුණෙහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ සහෝදරයා පවසා සිටියේ මෙය තනි පුද්ගලයෙකු ලැබු ජයග‍්‍රහණයක් නොව මෙරට වරින්වර බලයට පත්වෙන මධ්‍යම හා පලාත් ආණ්ඩු විසින් බරපතල ලෙස දේශපාලන බලපෑම් වලට නතු කර ගෙන සිටින ගුරුවරුන්, විදුහල්පතිවරුන් ලැබු සුවිශේෂි ජයග‍්‍රහණයක් බවත් තවදුරටත් මෙවැනි දේශපාලන පළිගැනිම් සිදුකිරිමට යාමේදී දේශපාලඥයින් මෙන්ම ඔවුන්ට ගැතිකම් කරන නිළධාරින්ද දැඩි අවධාණයට ගතයුතු නඩු තීන්දුවක් ලෙස මෙය පෙන්වා දිය යුතු බවද පැවසීය.

3 Comments on “විදුහල්පති මාරුකලාට උතුරුමැද හිටපු මහ ඇමතිට 250000 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්”

  1. Set Up Another Date – Text messaging is usually a
    easy way to create another date to the future. Give this
    plan a try – you might be going to meet some attractive women this way.
    When most men open a conversation having a woman, either they struggle and use some canned line and she or he is
    aware that it is canned, OR, they are available off as bland and boring.

  2. Other women believe that even an impartial, strong and secure lady must “see and stay seen”.
    You have to keep a constant monitor on whether or not
    she’s into you or not. When most men open a conversation which has a woman, either
    they try and employ some canned line and he or she knows that it really is
    canned, OR, they are available off as bland and boring.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *