විවේක කාමර කොන්ත‍්‍රාත්කරුවකුට කුලියට දීමෙන් දුම්රියට මසකට ලක්‍ෂ 18 ක් අහිමියි – එස්.පී. විතානගේ

දුම්රිය දොර්තමේන්තුවේ විශාල මුදලක් වැයකර නානුඔය දුම්රිය ස්ථානය අසල ඉදිකර ඇති විවේක කාමර ගොඩනැගිල්ල නිසි අවසරයකින් තොරව, දුම්රිය දෙපාර්තමේන්තුවට කළුගල් සපයන කොන්ත‍්‍රාත් කරුවෙකුට මුදල් ඉපයීම සඳහා ලබාදී ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි. සියළු පහසුකම්වලින් සමන්විත කාමර 12 ක් දිවා රාතී‍්‍ර වශයෙන් එක දිනකට එක් කාමරයකින් රුපියල් 5000/= x 6000/= ක මුදලක් උපයන අනවසර බදුකරු, දෙපාර්තමේන්තුවට කිසිදු මුදලක් මේ වන විට ගෙවා නොමැති බවද එම සංගමයේ ලේකම් එස්.පී. විතානගේ සහෝදරයා පවසයි. දෙපාර්තමේන්තුව මගින් මෙම කාමර කුලියට දෙන්නේ නමි මසකට රුපියල් ලක්‍ෂ දහඅටකට (1,800,000/=) අධික මුදලක් ලබාගැනිමට හැකිි බවත් කොන්ත‍්‍රාත්කාර ජාවාරම් කාරයින්ට නීති විරෝධි ලෙස මෙම කාමර පැවරීම නිසා දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ගයක් අහිමිකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි
කෙසේ වෙතත් විධිමත් ක‍්‍රමවේදයකට බදු දුන්නේ නම් ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්‍ෂක කාර්යභාර නිලධාරී ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවත් සිදුකරගෙන යන ජාවාරම පිළිබඳව කිසිදු නිලධාරියෙක් නොදන්නා බවත් අනාවරණය වී ඇත.
මෙම කොන්ත‍්‍රාත්කාර ජාවාරම්කරු විසින් දුම්රිය කාර්ය මණ්ඩලයේ රාජකාරී වලට බාධා වන අයුරින් අනවසර ඉදිකිරීම් කරමින් මෙම භූමිියේ අයිතිය ද තහවුරු කිරීමට කටයුතු කර ඇති බවත් එසේම ඇතැම් දුම්රිය නිලධාරීන් සඳහා විශේෂ සාදයක් ද පසුගියදා මෙම ජාවාරම්කරු විසින් පවත්වා ඇති බවද අනාවරණය වී ඇත. මෙම විවේක කාමර ජාවාරම පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව එය පරීක්‍ෂා කිරීමට ගිය දුම්රිය නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් තර්ජනය කර එම නිලධාරීන්ට පහරදීමට ජාවාරම් කරුගේ ගෝලයන් ප‍්‍රයත්න දරා ඇති බවද එබැවින් මෙම කොන්ත‍්‍රාත්කාර ජාවාරම් කරුවන්්ට මෙම ගොඩනැගිල්ල විධිමත් කි‍්‍රයා පිළිවෙතකින් තොරව ලබාදී ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූල කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මගින් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

One Comment on “විවේක කාමර කොන්ත‍්‍රාත්කරුවකුට කුලියට දීමෙන් දුම්රියට මසකට ලක්‍ෂ 18 ක් අහිමියි – එස්.පී. විතානගේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *