ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුව සමස්ත රාජ්‍ය සේවකයා ලබපු ජයග‍්‍රහණයක්

පසුගියදා නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා අත්තනෝමතික ලෙස දේශපාලන උවමනාව මත මාරු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව හරහා සමස්ත වැඩකරන ජනතාව, තම අභිමානයෙන් යුතුව වැඩකිරීම සඳහා ඉවහල් වූනු, මුලූ රාජ්‍ය සේවයම ලබපු ජයග‍්‍රහණයක් බව මහින්ද ජයසිංහ සහෝදරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, නිවන්තකචේතිය විදුහලේ විදුහල්පති කරුණාරත්න බණ්ඩාර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ සුනිල් වටගල, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම, ලංකා විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් පේ‍්‍රමතිලක යන සහෝදරවරුන් සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ සහෝදරයා
පහුගිය කාලය පුරාම පසුගිය ආණ්ඩුවෙන් වගේම වර්තමාන ආණ්ඩුව තුලදීත් රාජ්‍ය සේවකයාට කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ හැකියාව නැතිකරල තියෙන සිදුවීම් බොහෝයි. පසුගිය ආණ්ඩුව තුලදීත් රාජ්‍ය සේවකයින් ගස් බැඳීම, රූපවාහිනී සංස්ථාවට පැන සේවකයින්ට පහරදීම වගේම වර්තමාන ආණ්ඩුව තුලදීත් නිවන්තකචේතිය විදුහල්පති කරුණාරත්න බණ්ඩාර සහෝදරයාට අත්තනෝමතික ලෙස දේශපාලන උවමනාව මත ස්ථාන මාරු කිරීම, ඌව පළාතේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රඝුනන් භවානි මහත්මිය දණගැස්වීමේ සිද්ධිය, ඒවගේම ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේදී නීති විරෝධී ලෙස විභාගයක් පැවත්වීමත් මෙහිදී මහ ඇමතිවරයා ප‍්‍රශ්ණ පත‍්‍රය මුදලට විකිණීමට කටයුතු කිරීම වැනි සිදුවීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබාදුන්නා නැවත විභාගය පවත්වන ලෙස. මෙම නඩු තීන්දු මගින් තමන්ට ලැබිල තියෙන දේශපාලන බලයෙන් උන්මන්තක වෙලා කටයුතු කරන දේශපාලකයින්ට එරෙහිව ලැබිල තියෙන හොඳ තීන්දුවක්. ඒ වගේම මෙහිදී දුරකතන මගින් උතුරු මැද මහ ඇමතිවරයා කරුණාරත්න බණ්ඩාර මහතාට තර්ජනය කරා වෘත්තීය සමිති සමග එක්ව කටයුතු නොකොට තමන්ගෙ නියෝගයට අනුව කටයුතු කරන ලෙස. නමුත් එවැනි තර්ජනවලට බිය නොවී එඩිතරව ඊට එරෙහිව කටයුතු කිරීම මගින් මෙම ජයග‍්‍රහණය සමස්ත රාජ්‍ය සේවකයින්ටම ලබාදීමට හැකියාව ලැබුණා. එමෙන්ම රඝුණන් බවානි විදුහල්පතිනිය දණගැස්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවට හොඳ තීන්දුවක් ලැබේ යැයි බලාපොරොත්තු වන බවද මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
මෙම මාධ්‍යහමුවේදී නිවන්තකචේතිය විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න බණ්ඩාර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ සුනිල් වටගල යන සහෝදරවරුන්ද අදහස් දැක්වීය. එම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් සහිති හඩ පටය මෙසේ පලකරමු.
මහින්ද ජයසිංහ

 

විදුහල්පති කරුණාරත්න බණ්ඩාර

 

නීතීඥ සුනිල් වටගල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *