සංවර්ධන නිලධාරී එක්දින වැඩවර්ජනය රටපුරාම – කොළඹදී උද්ඝෝෂණයෙන් පසු ජයග‍්‍රහණ රැසක්

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN 4 වැටුප් තලය නියෝජනය කරන උපාධිධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් 21 ක් මුල් කරගනිමින් සැප්තැම්බර් 12 දින දියත් කළ දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනය 100% ක් සාර්ථක බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි සහෝදරයා පවසයි.
එක්දින වැඩවර්ජනයත් සමග දියත් කළ විරෝධතා උද්ඝෝෂණ පා ගමන මධ්‍යාහ්න 12.00 ට බොරැල්ල කනත්ත මංසන්ධිය අසළින් ආරම්භ වී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා ගමන් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන ලදී.
උද්ඝෝෂණයෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආයතන අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ අතිරේක ලේකම් ඇතුඵ අමාත්‍යාංශ බලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැය 2.00 කට ආසන්න කාලයක් සාකච්ඡුා කරන ලදී.
එම සාකච්ඡාවේදී සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් 21 න් බොහෝ ඉල්ලීම් ප‍්‍රමාණයකට විසඳුම් ලැබුණු බවත් එම එකගතා හා තීරණ සැප්තැම්බර් 30 වන විට කි‍්‍රයාත්මක කරන බවටද එකග වූ බවත් චන්දන සූරියආරච්චි සහෝදරයා පවසයි.
උසස් වීම් පටිපාටියක් සකස් කිරීම, සුදුසු රාජකාරී පැවරීම සම්බන්ධයෙන් ආයතන ප‍්‍රධානී වෙත චක‍්‍රලේඛයක් නිකුත් කිරීම, දෙවන භාෂා ප‍්‍රවීනතාවය සඳහා පවතින අසහනකාරී විභාග ක‍්‍රමය වෙනුවට පාඨමාලා ක‍්‍රමයක් දියත් කිරීම, වැඩ ආවරණය කිරීම වෙනුවට වැඩ බැලීම් හා ඒ සඳහා අදාළ දීමනා ලබාදීම, ක්ෂේත‍්‍ර රාජකාරී දීමනා හිමි නොවන පිරිස් සඳහා අදාළ ගෙවීම් කිරීමට එක`ග වීම, MN 4 ආශි‍්‍රත සේවා උපාධිධාරීන්ගේ රාජකාරී අධීක්ෂණය ඵභ 4 ට වඩා පහළ වැටුප් තලයක් වන MN 2 වැටුප් තලයේ නිලධාරීන්ට පවරා තිබීම නතර කිරීම ඇතුඵ ඉල්ලීම් බොහොමයකට විසඳුම් ලබාගැනීමට හැකි වූ බවද ඔහු මෙහිදී පැවසීය.
ඉදිරිපත් කරන ලද ඉල්ලීම් වලට ඉල්ලීම් කි‍්‍රයාත්මක කිරීමට එකග වූ දින වකවානු තුළ කි‍්‍රයාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරනවාද යන්න පිළිබඳව තම සංගමය දැඩි සෝදිසියකින් කටයුතු කරන බවත් අදාළ එකගතා හා තීරණ එකග වූ දින වකවානු තුළ කි‍්‍රයාත්මක නොවූවහොත් එක්දින වැඩවර්ජනයෙන් එහාට යමින් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවටද මෙහිදී චන්දන සූරියආරච්චි සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *