සමස්ත ලංකා සුවසේවා සංගමයේ 20 වන සමුලූව මුලූදෙයි

සමස්ත ලංකා සුවසේවා සංගමයේ 20 වන නියෝජිත සමුලූව අද (06) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි. අයිතීන් දිනාගැනීමට, වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පෙළගස්වමු යන තේමාව සහිතව පැවත්වූ මෙම සමුලූව සඳහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ, සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්.බී. මැදිවත්ත යන සහෝදරවරු ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී විය. මෙහිදී සුවසේවා සංගමයේ 20 වන සමුලූව වෙනුවෙන් නිර්මාණය කරන ලද සමරු කළඹක්ද ලාල්කාන්ත සහෝදරයා ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයන් හට පිළිගන්වන ලදී.

මෙහිදී ලාල්කාන්ත සහෝදරයා පැවැත්වූ දේශනයේ හඩ පටය පහත පලකරමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *