සමාජ ජාලා – social media

එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක‍්‍රියාකාරකම්, ජීවිත සම්බන්ධතා වැනිදෑ අනෙකුත් ජනතාව සමග හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව ”සමාජ ජාල” නමින් හදුන්වනු ලබයි. අද වන විට මෙය හරහා ඩිජිටල් ෆොටෝ, වීඩියෝ, අදහස්, තොරතුරු, පිංතූර, හුවමාරුවීම් සිදුවන අතර සෑබෑ ලෝකයේ ක‍්‍රියාකාරකම් සහ සිදුවීම් ගැන අන් අයට එම මොහොතේම දැනුම් දීමට මෙමගින් ඉඩහසර විවරවී ඇත.
වර්තමානය වන විට සමාජ ජාල හරහා ක‍්‍රියාත්මක වන පෞද්ගලික ගිනුම් ප‍්‍රමාණය බිලියන ගණනකි. ඒ හරහා විවිධ ක‍්‍රියාකාරකම් සිදුවන අතර මේවා අතර තර`ගයක්ද එනිසාම නිර්මාණය වී ඇත. ”මුහුණු පොත” එනම් අප කවුරුත් දන්නා පරිදි ”ත්‍්ජැ ඊදදන” ප‍්‍රධානතම සමාජ ජාලය බවට පත්වී ඇති අතර 2004 වසරේ ආරම්භ කරන ලද මෙය වටා ලෝකයේ මිලියන 1600 කට වඩා පිරිසක් එකතු වී ඇත. මෙයට අමතරව ”ශදම ඔමඉැල ඔඅසඑඑැරල ඪසඉැරල උය්එි ්චච” වැනි සමාජ ජාල ප‍්‍රධාන කිහිපය අතර පෙරමුණ ගන්නට තර`ගයක නිරතව සිටී. පුද්ගලයින්ගේ තනිකම,හැ`ගීම්, වැනිදෑ සමාජ ජාල භාවිතා කිරීමට තෙරපුමක් ඇතිකරන අතර මේ හරහා මානසික පීඩනයද ඉහල මට්ටමකට පත්වීමේ ඉඩකඩ ඇති බවට පරීක්‍ෂණ මගින් හෙලිදරව්වී ඇත. අද වන විට ස්මාර්ට් ජංගම දුරකතන හරහා සමාජ ජාල භාවිතා කරන පිරිස ඉහල යමින් ඇති අතර අප රටේ සමස්ථ ජනගහනයෙන් 10% ක් 2014 වන විට ”මුහුණ පොත” භාවිතා කරන්නන් බවට පත්වී ඇත. 2003.10.28 ත්‍්ජැ ඵ්ිය උැඉ අඩවිය හරහා හාවඞ් සරසවි සිසුන් 4 දෙනෙකු විසින් ආරම්භ කල ත්‍්ජැ ඊදදන අද වන විට ලොව පුරා මිලියන ගණනක මිනිසුන් විවිධ ආකාරයෙන් භාවිතා කරනු ලබන සමාජ ජාලයකිි. ඇන්ඩෘ මැකලම්, ක‍්‍රිසි හියුස්, ඩස්ටින් මොස්කොවිස්ට්ස්, හා මාක් සකර්බර්ග් විසින් ආරම්භ කළ ත්‍්ජැ ඊදදන අද වන විට ලොව අංක 1 කිරුල දරමින් තවමත් පෙරමුණේ ඇත. මෑත කාලය වන විට අප රටේ අන්තර්ජාලය හරහා ත්‍්ජැ ඊදදන භාවිතා කරන වයස් කාණ්ඩ සැලකීමේදී වයස 18-24 අතර 41% ක්, 25-34 අතර 33% ක් වන අතර එනම් ත්‍්ජැ ඊදදන භාවිතා කරන්නන්ගෙන් 74% ක් වයස 18-34 අතර වේ. සමාජ බලපෑමක් සිදුකල හැකි මාධ්‍යයක් බවට සමාජ ජාල පත්වීමට මෙම තරුණ පරපුර අතර ත්‍්ජැ ඊදදන ප‍්‍රචලිත වීම හේතුවී ඇති බව මින් පැහැදිලිය.
2005.02.14 චැඞ් හර්ලි, ස්ටීව් චෙන්, ජාවඞ් කරීම් විසින් ආරම්භ කරන ලද ශදම ඔමඉැ අද වනවිට තවත් ප‍්‍රචලිත සමාජ ජාලයකි. 2005.04.23 දින ”ඵැ ්එ ’දද” නමින් ජාවඞ් කරීම් විසින් සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ සිට උඩුගත කරන ලද වීඩියෝව සමාජ ජාලයක ප‍්‍රථම වීඩියෝව අතර අද වන විට වීඩියෝ දර්ශන, රූපවාහිණී දර්ශන, සිනමා දර්ශන, සංගීතය, අධ්‍යාපන වැනි බොහෝ වැඩ සටහන් අප වෙත සමීප කරනු ලබන සමාජ ජාලයක් බවට ශදම ඔමඉැ පත්වෙමින් තව තවත් මිනිසුන්ට සමීප වෙමින් ඇත.
”කුරු`ඵ හ`ඩ” යන තේරුම ඇතිව 2006 මාර්තු මාසයේ ජැක් ඩෝසි, නෝආ ග්ලාස්, එවන් විලියම්ස්, බිස් ස්ට්‍රොන්, විසින් ආරම්භ කරන ලද ”ට්විටර්” සමාජ ජාලය තවත් බොහෝ පිරිසක් භාවිතා කරනු ලබන සමාජ ජාලයකි. ”ට්වීට්ස්” නමින් හැ`දින්වෙන අකුරු 140 ක් පමණ සමන්විත කෙටි පනිවිඩ සේවාවක් ක‍්‍රියාත්මක මෙහි දිනපතා මිලියන 100ක ජනතාවක් මිලියන 340 ක් පමණ කෙටි පනිවිඩ දිනකට යොමු කරනු ලබන සමාජ ජාලයකි.
වත්මන් පරම්පරාවේ බහුලව භාවිතා වන ”වයිබර්” 2010.12.02 දින ටල්මන් මාකෝ, ඉගෝ මැගසනික් විසින් ආරම්භ කරන ලද අතර වීඩියෝ, ෆොටෝ තවත් අය සමග හුවමාරු කර ගැනීමට හා වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට භාවිතා කරනු ලබන ඉතා ඉක්මනින් වර්ධනය වන සමාජ ජාලයකි.

2009 වසරේ බ‍්‍රයන් ඇක්ෂන් හා ජෑන් කොවුම් විසින් ආරම්භ කරන ලද ”වට්ස් ඇප්” කෙටි පණිවිඩ, වීඩියෝ, ෆොටෝ හුවමාරු කිරීමට හා වීඩියෝ ඇමතුම් ලබාගත හැකි තවත් සමාජ ජාලයකි. මේ අද වනවිට බහුලව භාවිතා කරනු ලබන සමාජ ජාල කිහිපයක් පමණි. තවත් මෙවැනි අති විශාල ප‍්‍රමාණයක් අන්තර් ජාලය හා එක්වී ඇති අතර මේවා හරහා ටි‍්‍රිලියන ගණනක් මිනිසුන් එක් පවුලක් මෙන් එකට බැ`දී ඇත.
සමාජ ජාල, දැනුම වැඩිකර ගැනීමට මෙන්ම සමාජ විරෝධී ක‍්‍රියා ස`දහාද භාවිතා කිරීම පෙනෙන්නට ඇත. විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා ආරම්භ කරන ලද සමාජ ජාල බොහොමයකි. ඉන් සමහරක් නවීන විද්‍යාත්මක දැනුම සිය`ඵ දෙනා අතර බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා වන අතර යම් සමාජ ජාල හරහා පර්යේෂකයින් ඔවුන්ගේ ප‍්‍රකාශන බෙදා හැරීම හා ඒ පිළිබ`ද සාකච්ඡුා කිරීමට මෙන්ම අද වන විට නවීන අධ්‍යාපන ක‍්‍රමයකට තල්ලූවෙමින් ප‍්‍රශ්න පත‍්‍ර පිළිබ`ද සාකච්ඡුා කිරීමට, සාම්ප‍්‍රදායික පංති කාමර පරිසරය තුල ලබාදෙන ඉගැන්වීම වෙනස් කිරීමට, ඉංග‍්‍රීසි අධ්‍යාපනයට පමණක්ම වෙන්වූ සමාජ ජාල මගින් ඉංග‍්‍රීසි අධ්‍යාපනය දියුණු කර ගැනීමට, ඉගැන්වීම් ක‍්‍රමය වඩා රසවත් කිරීමට මෙය යොදා ගනී. කෙටියෙන්ම පැවසුවොත් සමාජ ජාල යනු සේවා පර්යේෂණ ජාල එසේ නැතහොත් ඉගැනුම් ජාල බවට පත්කර ගත හැකිය.
නමුත් අද වන විට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඉගැනුම් ජාල බවට පත්කර ගත හැකි සමාජ ජාල ඉගැනුම අවහිර කර ගැනීමට පිටුවහලක් කරගෙන ඇත. කාලය නාස්ති කිරීමේ මාධ්‍යයක්, පෞද්ගලිකත්වය නැති කර ගැනීමේ මාධ්‍යයක්, පාසැල් පරිගණක විද්‍යාගාර වෙතින් ඉවත් වීමට මාධ්‍යයක් බවට පත්කරගෙන ඇත. එනිසාම සමහර රටවල පාසැල් තුල සමාජ ජාල තහනම් කිරීමට හෝ සීමා සහිත කිරීමට කටයුතු කර ඇත.
සමාජ ජාල සේවාවන් නිසා පෞද්ගලිකත්වයට සිදුවන ගැටළු හා ලිංගික විලෝපිකයින්ගෙන් සිදුවන තර්ජන නිසා මේ ස`දහා පරිශීලකයින් යොමුවීම අඩුවීමට හේතුවී ඇති බව පැහැදිලිය. තවත් කරුණක් වන්නේ පෞද්ගලික තොරතුරු නිසි පරිදි ආරාක්‍ෂාවන ලෙස නොතැබීම නිසා තෙවැනි පාර්ශවයක් අතට පත්වීමෙන් සිදුවන අනතුරුය. ළමයින් සමාජ ජාල හරහා පරිගණක ක‍්‍රීඩා වෙත යොමුවීම නව යොවුන් වියේ තරුණියන් කාමාතුරයින් අතට පත්වීමේ ඉඩකඩ නිසාද තවත් සමාජ ප‍්‍රශ්නයක් මතු වෙමින් ඇත.
අද වන විට පවතින මෙම වෙළෙ`ද පොල ආර්ථික ක‍්‍රමය අනුව තවත් ලාභදායී ලෙස සූරාකෑම සිදුකල හැකි මාධ්‍යයක් බවට සමාජ ජාල පත්කර ගැනීමට ඉහල පෙලේ සමාගම් හිමිකරුවන් කටයුතු සිදුකොට ඇත. අප සමාජ ජාලවල රැුදී සිටින කාලය යනු එක් අතකින් අප කාලය අපතේ යැවීමක් වන අතර අනෙක් පසින් බහුජාතික සමාගමක් පොෂණය කිරීමට උඩගෙඩි දීමකි. මෙම බහුජාතික සමාගම් තමන්ගේ සමාජ ජාල හරහා වෙළෙ`ද දැන්වීම් ප‍්‍රචාරය කරමින් ආදායම් උපයන අතර ඊට හො`දම උදාහරණය ලෙස අප ත්‍්ජැ ඊදදන වෙත එක් වරක් ගොඩවීමේදී ඩොලර් කිහිපයක් මාක් සකර්බර්ග් වෙත ඇදීයාම පෙන්වා දිය හැක.
නමුත් අපට තාක්‍ෂණය අත්‍යාවශ්‍යය. එයට විවාදයක් තිබිය නොහැකිය. සිදුවිය යුත්තේ තාක්‍ෂණය නිසි පරිදි අපගේ සමාජ ක‍්‍රියා වෙනුවෙන් භාවිතා කිරීමයි. පසුගිය කාලයේ අප අත්දකින ලද එක් දෙයක් වූයේ ජනවාරි 8 ඒකාධිපති පාලනය බි`දදැමීම ස`දහා සමාජ ජාල වලින් සිදුවූ අනූපමේය සේවයයි. රටේ අති බහුතරයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇස් කන් නොමැතිසේ කාලය ගෙවන විට එයට ප‍්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සමාජයේ අති බහුතරයක් මිනිසුන් සමාජ ජාල භාවිතා කිරීමට යොදා ගැනීම නිසා එම පාලකයින්ගේ දේශපාලන නිරුවත සමාජයේ දිග හැරෙන්නට විය. අද වන විට එසේ සිදුවෙමින් ඇත. අවසාන වශයෙන් පැහැදිලි කර ගත යුත්තේ මෙම කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමට හා සමාජ ජාල සමාජ ප‍්‍රගමනය වෙනුවෙන් යොදාගැනීමට අපද කටයුතු කල යුතු කාලය දැන් පැමිණ ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *