සයිටම් ආයතනය වෛද්‍ය සංගමයට ඒරෙහිව පැවරූ නඩුව අස්කරගනී

සයිටම් ආයතනය උපාධිකඩයක් ලෙස හදුන්වා අපහාස කළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා සයිටම් බලධාරීන් විසින් 2016 වර්ෂයේ දී කොළඹ දිසා අධිකරණයේ දී පැවරූ නඩුව ඉල්ලා අස්කරගත් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි. නඩු අංක DMR/938/2015 යටතේ මෙම නඩුව ඊයේ (09) දින විභාගයට ගැනීමට නියමිතව තිබුණු අතර එහෙත් එදින උසාවියේ පෙනී සිටි සයිටම් පාර්ශවයේ නීතිඥවරුන් නඩුව ඉල්ලා අස්කරගන්නා බව උසාවියට දැනුම් දීමත් සමග එම නඩුව අවසන් වු බව ඔහු පවසයි. සයිටම් ආයතනය මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් ජනතාව රවටමින් උපාධි විකිණීමේ ජාවාරමක් බව පිලිගෙන පරාජය බාරගෙන ඇති බවත් එසේම මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම, 2008 වර්ෂයේ සිට සයිටම් උපාධි ආයතනයට එරෙහිව ගෙන ගිය අරගලයේ සාධාරණත්වය පිළිබිඹු වන බවත් එය සයිටම් විරෝධී සටනේ දී ලැබූ තවත් ජයග‍්‍රහණයක් බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
සයිටම් ආයතනයෙන් ආරම්භ වී අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල 06ක් පමණ ආරම්භ කිරීමේ එවකට පැවති ආණ්ඩුවේ සැලසුම් ව්‍යවර්ථ කර දැමීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් බවත් සයිටම් ගැටලූවට අවසන් විස`දුමක් ලබා නොදී තවදුරටත් ආණ්ඩුව කල්මරමින් සිටීම තරයේ හෙලා දකින බවත් ඉදිරියේදීත් අප රටේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත් දිනාගැනීම වෙනුවෙන් ගෙනයනු ලබන අරගලයේ ඉදිරිපෙළ සටන්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට තම සංගමය සූදානම් බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *