සාකච්ඡා අසාර්ථකයි – අධ්‍යාපන පරිපාලන, ගුරු විදුහල්පති සේවා හෙට (04) වැඩවර්ජනයේ

දේශපාලන උවමනාවන් මත අවිධිමත් ආකාරයට පත්වීම් ලබාදීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතිය තවදුරටත් කඩාවැටෙන බවත් එම පත්වීම් වහාම අහෝසි කරන ලෙස රජයට බලකිරීම උදෙසා හෙට දින (04) යොදාගත් වැඩවර්ජනය ස්ථිරවම ක‍්‍රියාත්මක කරන බව අධ්‍යාපනය සුරැකීමේ එකමුතුව පවසයි.
දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත ශ‍්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ , ශ‍්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ හා ශ‍්‍රි ලංකා විදුහල්පති සේවයේ තනතුරු ලබා දීමට විරෝධය පළ කරමින් අධ්‍යාපනය සුරැකීමේ එකමුතුව මගින් හෙට (04) රටපුරා එම සේවාවල නියුතුවුවන් මෙම සංකේත වර්ජනය සඳහා එකතු වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම සහෝදරයා පවසයි. මෙම සේවාවල වෘත්තීය සමිති නියෝජිතයන් හා අගමැතිවරයා සමග මේ සම්බන්ධයෙන් අද දින පැවති සාකච්ඡුාව අසාර්ථක වූ බවද ඔහු පැවසීය.

ඒ අනුව දිවයින පුරා හෙට දින මෙම සංකේත වර්ජනය ක‍්‍රියාත්මක කරන බවත් මේ නිසා සිදුවන සමස්ත පාසල් පද්ධතිය අකර්මන්‍ය විමෙන් ශිෂ්‍ය ප‍්‍රජාව හා සමස්ත මහජනතාව ලක්වන පිඩාවන් හි වගකීම ඔබ වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවද මෙහිදී ධම්මික සහෝදරයා පැවසීය.

මෙම වැඩවර්ජනය සඳහා සම්බන්ධ වන වෘත්තීය සමිති මෙසේය.

ශ‍්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය
ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය
ලංකා ගුරු සංගමය
ලංකා ගුරු සේවා සංගමය
ශ‍්‍රී ලංකා පොදුජන ගුරු සංගමය
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
පොදු ගුරු වෘත්තීකයින්ගේ සංගමය
ශ‍්‍රි ලංකා විදුහල්පති සංගමය
ලංකා විදුහල්පති සේවා සංගමය
කතෝලික ගුරු සංගමය
ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය
ශ්‍රේණිධාරි විදුහල්පති සේවා සංගමය
සමස්ත ලංකා විදුහල්පති සංගමය
ප‍්‍රගති ගුරු සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *