සේවක අර්ථසාධක අරමුදල මත අයකරන සියලූ බදු වහා ඉවත් කරනු – අන්තරෙන් ජනතාව දැනුවත් කරයි

26 ලක්‍ෂයකට වැඩි රටේ වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම සදහා මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව දැවැන්ත අරගලයක් කිරීමට රටේ පෞද්ගලික අංශයේ සේවකයින් පෙළගැස්වීමට තම සංගමය සූදානම් බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා පවසයි. USA – ADB ධවල පත‍්‍රිකාව හකුලා ගන්නා ලෙසත්, EPF අරමුදල මත අයකරන සියලූ බදු ඉවත් කරන ලෙසත් ඉල්ලමින් වැඩකරන ජනතාව දැනුවත් කිමේ පත‍්‍රිකා දශ ලක්ෂයක් බෙදා හැරීමේ ආරම්භක පියවර කොටුව දුම්රියපොළ ඉදිරිපින් අරඹමින් ඔහු මේ බව පැවසීය.
රාජපක්‍ෂ ආණ්ඩුව විසින් රොෂේන් චානකගේ ජීවිතය බිල්ලට ගෙනා ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරපු සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ වැඩපිළිවෙල වර්තමානයේ රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ගෙනඒමට කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව අන්තර් සමාගම් සේවක සංගමය ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී වසන්ත සමරසිංහ සහෝදරයා මෙහිදී පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *