සේවක මර්දනය කරන දුෂ්ඨ පාලනයට එරෙහිව වැඩවර්ජනයකට සූදානම්

මේ වන විට වරාය තුල ක‍්‍රියාත්මක කරමින් සිටින වෘත්තීය සමිති මර්දනය ඇතුලූ සේවකයින්ට එරෙහි ක‍්‍රියාමාර්ග ආපසු හැරවීම වෙනුවෙන් සමස්ත සේවකයින් එක්ව වැඩවර්ජනයකට යාමට කටයුතු කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියයේ ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ සහෝදරයා පවසයි. ඔහු මේ බව පැවසූයේ අද (13) මෙම වෘත්තීය සමිති මර්දනය පිළිබඳ පැහැදිලි කරමින් කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වරාය අධිකාරියේ විධායක නිළධාරීන්ට පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇතිවූ සේවක නොසන්සුන්තාවය හේතුකොටගෙන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වටා වරාය සේවකයින් විශාල ප‍්‍රමාණයක් සමාජිකත්වය ලබාගැනීම සිදු වූ බවත් ඊට එරෙහි වූ ආණ්ඩුවේ වෘත්තීය සමිතිවල බලපෑම මත පාලන අධිකාරිය සේවක නොසන්සුන්තාවය ඇති වූ හේතුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට තම සංගමයේ නිලධාරීන්, ක‍්‍රියාකාරිකයින් හා හිතවතුන් වෙත මර්දනය දියත් කරමින් ස්ථාන මාරුවීම් සිදු කරමින් සිටින බවද ඔහු මෙහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී චන්‍ද්‍රසිරි මහගමගේ සහෝදරයා දැක්වූ අදහස් සහිත හඩ පටය මෙහි පලකරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *