සේවක සටන දිනයි – ජපුර රෝහලේ නව අධ්‍යක්ෂකවරයෙක් පත්කල යුතුයි – නඩු තීන්දුව දෙයි

සේවකයින් මර්ධනය කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල තුල ගෙනගිය අත්තනෝමතික පාලනය නතර කරමින් එහි අධ්‍යක්‍ෂකවරයා ඉවත්කිරීමේ නඩු තීන්දුව ලබාදුන් බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේ ආරච්චි සහෝදරයා ඊයේ (20) දින පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
කොළඹ ශේෂ්ඨාධිකරනයේ විභාග වු නඩු අංක CA184/2018 අනුව සති 4 ක් ඇතුලත නව අධ්‍යක්ෂකවරයකු පත්කර ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ කැදවන ලෙසත් ඒ සම්බන්ධව අගෝස්තු 31 දිනට උසාවියට කරුණු වාර්තා කරන ලෙසත් නියෝග ලබා දීඇත.
එහිදී සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේ ආරච්චි සහෝදරයා සඳහන් කළේ මෙම අධ්‍යක්‍ෂකවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට එරෙහිව දේශපාලන උවමනාවන් මත බලපෑම් කර හා අත්තනෝමතික ලෙස වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම සිදු කළ බවත් මීට එරෙහිව වෘත්තීය සමිති මගින් ගෙන ගිය අරගලයේ ජයග‍්‍රහණයක් බවද මෙහිදී පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් සංවිධායක චන්දන ජයලත් සහෝදරයාද සහභාගී වී සිටියහ.

මෙහිදී සමන්ත කෝරලේආරච්චි සහෝදරයා හා චන්දන ජයලත් සහෝදරයා පැවසූ අදහස් සහිත හඩ පටය පහත පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *