සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිතුවක්කාරී තීරණවලට එරෙහිව ආයුර්වේද වෛද්‍යවරු පෙරට ….

ශ‍්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ සේවා ව්‍යවස්ථාවෙහි 6/2006 වැටුප් චක‍්‍රලේඛනයට අනුව කළ යුතු සංශෝධන මේ වන තෙක් සිදු කර නැති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. සියලූ වෘත්තීය සමිති එකගතාවයන් මේ සඳහා යෝජනා කරන ලබා දී ඇති බවත් ඒ අනුව ඉදිරිපත් කෙරුන කෙටුම්පත සඳහා රාජ්‍ය සේවා කොමිසම වැඩිදුරටත් නිරීක්‍ෂණ ඉල්ලා සිටියත් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආයුර්වේද අංශයේ අතිරේක ලේකම් එම නිරීක්‍ෂණ ඉදිරිපත් කර නැති බවද එම සංගමය පවසයි. මේ සම්බන්ධව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය දිගින් දිගටම විමසා සිටියත් ආයුර්වේද අංශයේ අතිරේක ලේකම් පිළිතුරු ලබාදීම මගහරිමින් සිටින අතර සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය වැඩිදුරටත් බලකරමින් කියා සිටින්නේ මෙම කරුණු සම්බන්ධව නිරීක්‍ෂණ රාජ්‍ය සේවා කොමිසමට යැවීමට පෙර වෘත්තීය සමිති සමග සාකච්ඡුා කළ යුතු බවයි. එය එසේ නොකොට හිතුවක්කාරී ලෙස අතිරේක ලේකම් කටයුතු කළහොත් ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය සූදානම් බව මේ සම්බන්ධව කරුණු පැහැදිලි කළ එම සංගමයේ උප සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතුංග පවසයි.

One Comment on “සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිතුවක්කාරී තීරණවලට එරෙහිව ආයුර්වේද වෛද්‍යවරු පෙරට ….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *