EDCS සාමාජික දරුවන්ට රු.මි. 112ක ශිෂ්‍යත්ව

ලංකා ගුරු සේවා සංගමය මගින් පාලනය වන අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර ණයදෙන සමිතියේ සාමාජිකයන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතියි.

එහි 2018 වසර සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ දිවයිනේම දරුවන් 2110කට රුපියල් මිලියන 112ක් වටිනා ශිෂ්‍යත්ව පරිනැමීම සිදුකරනු ලබන අතර එහි වයඹ පළාත් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු පසුගියදා කුරුණෑගල නගර ශාලාවේදී පවත්වන ලදී.

මේ වනවවිට තවත් පළාත් රැසක මෙසේ ලංකා ගුරු සේවා සංගමය මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු සිදු කර තිබේ.

එම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , ජනතා විමුක්ති පරෙමුණේ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර ණයදෙන සමිතියේ වයඹ පළාත් අධ්‍යක්ෂ විමලසේන, තවත් නිලධාරීන් පිරිසක්ද එක්වී සිටි අතර විශ්වවිද්‍යාල වරම් ලැබූ දරු දැරියන් සහ දෙමව්පියන්ද එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *