NTUC සටන් අරඹයි

ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි නොකිරීම, EPF අරමුදල් අනතුරේ හෙලීම, විශ‍්‍රාම වැටුප් අහෝසි කිරීම, වතු සේවකයන්ට මාසික වැටුප් ක‍්‍රමයක් සකස් නොකිරීම යන වැඩකරන ජනතාවගේ ගැටලූ මුල්කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ පත‍්‍රිකා දශලක්‍ෂයක් රටපුරා බෙදාහැරීමේ ආරම්භක පියවර අද දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඇරඹිනි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ අතර සියලූ වැඩබිම් ආවරණය වන ලෙස මෙම පත‍්‍රිකා බෙදාහැරීම සිදුකිරීමට නියමිතය.

මෙහිදී ලාල්කාන්ත සහෝදරයා පැවසූයේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් වැටුප් වැඩිකර ගැනීම සඳහා වැඩකරන ජනතාව පෙරට ආ යුතු බවත් ඒ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් පෝස්ටර් ව්‍යාපාරයක්, පත‍්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් හා රටපුරා ආයතන මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ක‍්‍රියාකරන බවත් ඉන් අනතුරුව ජාතික මට්ටමින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *