SAITM සිසුන් කොතලාවලට ඇතුලත් කිරීමට එරෙහිව වෛද්‍යවරු විරෝධතා

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සුදුසු කම් නොලත් සිසුන් කොතලාවල ආරක්ෂක වි.වි ඇතුලත් කිරීමට මේවන විට රජය විසින් කටයුතු කරන බවත් ඉදිරියේ දී එයට විරැද්ධව

දැඩි වෘත්තීය කියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර විසින් මේ බව පැවසුවේ එම සංගම් මුලස්ථානයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම ගැසට් පත‍්‍රයට අනුව 2009 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2017 මැයි 15 දක්වා ජිව විද්‍යා අංශයෙන් උසස්පෙල එස් 3 ක් ලබා සමත් වු සිසුන්ට ද සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබා දෙන බව කියා ඇති අතර විදේශීය සිසුන්ද මෙරට වෛද්‍ය උපාදිය ලබා ගැනීමේදි අවම වෂයෙන් ජීව විද්‍යා විෂයදාරාවෙන් සම්මාන සාමාරථ දෙකක් සහ සාමාන්‍ය එක් සාමාර්ථයක් තිබිය යුතු බවත් මෙලෙස සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයට ඇතුලත් කිරීමේදි වෛද්‍ය සභාව ඉදිරිපත් කල මෙකි සියලූ නිර්දේශ අවලංගු කර ඇති බව වැඩිදුරටත් කියා සිටින ලදි.

මෙලෙස සුදුසුකම් නැති සිසුන් මිලිටරි පාලනයක් හරහා මුදලට බඳවාගැනීමේ ක‍්‍රමයක් වන මෙම ක‍්‍රමය නැවත්විය යුතු බවත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයට ඇතුලත් කරන පනත පාර්ලිමේන්තුව තුල සම්මත වුවද එහි අත්තනොමතික බාවය සමාජය තුල ගොඩනැංවීම උදෙසා වෘත්තීය සමිතියක් විදිහට ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භ කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරි සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මෙහිදී පැවසීය.
මෙහිදී වෛද්‍ය ජයන්තර බණ්ඩාර පැවසූ අදහස් සහිත හඩ පටය පහත පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *