Stern TU action if fulfilling promises arbitrarily neglected!

All Ceylon Transport Workers’ Union has written to the Chairman of Sri Lanka Transport Board Ramal Siriwardene asking the authorities to immediately mediate to fulfill the promises made to them at the Ministry of Transporfulfil.08.2018 stating the workers would have to take stern action if solutions for their grievances are arbitrarily neglected.
The letter sent with the signature of the General Secretary of All Ceylon Transport Workers’ Union Sepala Liyanage is published here.

ශ‍්‍රී ලංගම ගරු සභාපති,

රමල් සිරිවර්ධන මැතිතුමා,

ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලය,

නාරාහේන්පිට,

කොළඹ 05.

ගරු සභාපතිතුමනි,

2018.08.31 වන දින ප‍්‍රවාහන අමාත්‍යාංශය තුළදී ශ‍්‍රී ලංගම සේවකයින්ට ලබාදීමට පොරොන්දු වූ ඉල්ලීම් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙසත් එම ඉල්ලීම් ලබාදීම හිතාමතාම මගහරින ලදහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවන බවත් දන්වා සිටීම.

2018.08.31 වන දින ප‍්‍රවාහන ඇමතිතුමා ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලූ නිලධාරීන් සහ ශ‍්‍රී ලංගම සභාපතිතුමා ඇතුලූ ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සමග ශ‍්‍රී ලංගම සියලුම වෘත්තීය සමිතිවල ප‍්‍රධාන නිලධාරීන් ශ‍්‍රී ලංගම සේවකයින්ට බලපාන ප‍්‍රශ්ණ ගැටලු පුලුල් ලෙස සාකච්ඡා කරන ලදී. එම සාකච්ඡාව සිදුවන මොහොතේ ශ‍්‍රී ලංගම දකුණු ප‍්‍රාදේශීය කලාපයේ සමහර ඩිපෝවල සේවකයින් කිසිදු වෘත්තීය සමිතියක බලපෑමකින් තොරව ඔවුන්ට ඇතිවී ඇති පීඩනය දරා ගැනීමට නොහැකිව ස්වේච්ඡාවෙන්ම වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට පිවිසී තිබිණි.

ශ‍්‍රී ලංගම සේවකයින්ගේ වැටුප්තල ඉහළ දමන ලෙසත් වැටුපට එල්ලා ඇති රු. 10,000 මුදලින් අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් අයකරන ලෙසත් ආවරණ අනුචිත අනියම් කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් හට ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත් සේවක සුබසාධන ක‍්‍රියාවලිය විධිමත්ව සියලුම ඩිපෝවල පවත්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උසස්වීම් පටිපාටියක් විධිමත්ව ස්ථාපිත කරන ලෙසත් ශ‍්‍රී ලංගමයට ජාතික ප‍්‍රතිපත්තියක් හදන ලෙසත් සියලුම වෘත්තීය සමිති ශ‍්‍රී ලංගම සභාපතිතුමා වන ඔබතුමාගෙන් ප‍්‍රවාහන ඇමතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත. මෙම ඉල්ලීම් අනිවාර්යයෙන් ලබාදෙන බවට ඔබතුමා සියලුම වෘත්තීය සමිතිවලට පොරොන්දු වී ඇත. එම ක‍්‍රියාවලිය මේ වනවිට මන්දගාමීව සිදුවෙමින් පවතී.

ගරු සභාපතිතුමනි, 2018.08.31 වන දින ශ‍්‍රී ලංගම සියලුම වෘත්තීය සමිති සමග සිදුකල සාකච්ඡාවේදී ඉහත සියලුම ඉල්ලීම් ලබාදෙන බවට ප‍්‍රවාහන ඇමතිතුමා, ඔබතුමා පොරොන්දු වූ අතර ඒ සඳහා යම් කාල පරාසයක් අවශ්‍ය බවද පවසන ලදී. ඊට අමතරව විශේෂයෙන්ම දැනට වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට පිවිසී සිටින සේවකයින්ට කිසිදු අයුරකින් කිසිදු ඳඬුවමක් ලබානොදන බවටද පොරොන්දු විය. එම පොරොන්දු සියල්ලම ඔබතුමා මේ වනවිට ලිඛිතව සියලුම වෘත්තීය සමිතිවලට සහ සියලු ඩිපෝවලට යොමු කර ඇත. එම ඉල්ලීම් ලබාදීමට ඔබතුමා යම් කාලයක් ඉල්ලා ඇත. එම කාලය ඉක්ම යාමට ප‍්‍රථම සිතා මතාම එම ඉල්ලීම් ලබාදීම මගහරින ලදහොත් ශ‍්‍රී ලංගම සුරැකීමේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හරහා දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්  ගන්නා බවට අප සංගමය ඔබතුමාට වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

සේපාල ලියනගේ

ප‍්‍රධාන ලේකම්,

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

  1. ගරු ජනාධිපති – මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා.
  2. ගරු ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා.
  3. ගරු ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති – අශෝක අබේසිංහ මැතිතුමා.
  4. ශ‍්‍රී ලංගම සියලුම වෘත්තීය සමිති වෙත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *