WFTU කලාපීය නිරීක්‍ෂණ කමිටුව කොළඹදී රැස්වේ

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ආසියානු කලාපීය නිරීක්‍ෂණ කමිටුව අද දින පෙරවරුවේ කොළඹ පදනම් අායතනයේදී රැස් වූ අතර මේ සඳහා ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් මහදේවන් සහෝදරයා ඇතුලූ විදෙස් රටවල නිරීක්‍ෂණ කමිටු සාමාජිකයින් පිරිසක් සහභාගී විය. ඉන්දියාව, නේපාලය, බංගලිදේශය, දකුණු අප‍්‍රිකාව, මැලේසියාව අදී රටවල වෘත්තීය සමිති නායකයින් මේ සඳහා සහභාගී විය. අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම රැස්වීම සඳහා එහි සභාපති වසන්ත සමරසිංහ, ලේකම් ජානක අධිකාරී ඇතුලූව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ, එහි සභාපති සභාපති සමන්ත කෝරලේ ආරච්චි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ ඇතුලූව ලංකා බැංකු සේවක සංගමය, ලංකා වතු සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය යන වෘත්තීය සමිතිවල නියෝජිතයන් පිරිසක් ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී විය. ලෝක පරිමාණයෙන් වැඩකරන ජනතාව ලක්වෙමින් තිබෙන පීඩනය හා ඊට එරෙහිව කලාපීය වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ගයන් සම්බන්ධව පොදු යෝජනා සකස් කිරීම මෙම කමිටු රැස්වීමේ අරමුණ බව අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතීඥ ජානක අධිකාරී සහෝදරයා මෙහිදී පැවසීය.

One Comment on “WFTU කලාපීය නිරීක්‍ෂණ කමිටුව කොළඹදී රැස්වේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *