WFTU කලාපීය සූදානම් කිරීමේ කමිටුවේ සමාරම්භක රැස්වීම හෙට (22) පදනම් ආයතනයේ

රටවල් 08 ක වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි වන ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ආසියා-පැසිෆික් කලාපීය සූදානම් කිරීමේ කමිටුවේ සමාරම්භක රැස්වීම හෙට උදේ එනම් මැයි 22 උදේ 9.00 ට ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා පවසයි.
මෙහිදී ආසියානු-පැසිෆික් කලාපීය රටවල වැඩකරන ජනතාව මෙන්ම ලාංකීය වැඩකරන ජනතාවද මේ මොහොතේ මුහුණ දී ඇති අභියෝග පිළිබඳ අවධානය යොමු කරමින් සිදුකරන මෙම සූදානම් කිරීමේ කමිටු රැස්වීමේ සමාරම්භක අවස්ථාව පැවැත්වෙන බවත් ඒ සඳහා විදෙස් නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වන බවත්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *