WFTU නීතිවේදීන්ගේ කමිටුවට ජානක අධිකාරී ග‍්‍රීසියට

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ නීතිවේදීන්ගේ කමිටුව අද (16) ග‍්‍රීසියේ ඇතන්ස් හිදී ඇරඹුනු අතර මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ජානක අධිකාරී සහෝදරයා සහභාගී විය. ‘‘කම්කරු පන්තිය වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම’’ තේමාව යටතේ මෙම කමිටුවේ වැඩකටයුතු ඇරඹිනි. අද දින ජාත්‍යන්තර තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සිදුවුනු අතර මෙහිදී ප‍්‍රධාන දේශනය සිදු කරන ලද්දේ WFTU සභාපති මණ්ඩලය නියෝජනය කරමින් ජානක අධිකාරී සහෝදරයා විසිනි. ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ජොර්ජ් මවිරිකොස් හා උප සභාපති වැලැන්ටින් පාචෝ ගේ නායකත්වයෙන් මෙම කමිටුව රැස්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *