රාජ්‍ය කළමනාකරණ සේවා සමුලුව අභිමානවත්ව කොළඹදී

වැඩ කරමු- රට හදමු. රාජ්ය කළමණාකරන සේවා නිලධාරීන්ගේ සංගමයේ 28 වන වාර්ෂික සමුලුවපසුගිය ජූලි 02 දින  කොටුව සේවාමුක්ත භට සංගම් ශාලාවේදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ ජාතික සංවිධායක, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්ය වසන්ත සමරසිංහ, රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත්, රාජ්ය කළමනාකරන සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් චන්දිම විමලසුරේන්ද්ර යන සහෝදරවරුන්ගේ ප්රධානත්වයෙන් මෙම සමුලුව පැවැත්වුණු අතර මේ සඳහා රටපුරා කළමනාකරණ සේවාව නියෝජනය කරමින් වෘත්තීය සමිති සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.  

Leave a Reply

Your email address will not be published.