වැඩකරන ජනතාවගේ මූලිකත්වයෙන් රට පුරා මැයි රැලි 21 ක්

ජන රජයට ජන බලයක් තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි 21 ක් රට පුරා දිස්ත්‍රික්ක 21 කදී පැවැත්වීමට ජාතික ජන බලවේගය මගින් කටයුතු කර තිබුණු අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් රාජ්‍ය, පෞද්ගලික, වතු ක්‍ෂේත්‍රවල වැඩකරන ජනතාව රටපුරා පැවති මෙම රැලි සඳහා සහභාගී වූහ. කොළඹ දිස්ත්‍රික්කයේ පැවති මැයි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රැලියට ප්‍රථම දෙල්කඳ හන්දියේ සිට පෙළපාලියක් පැවැත්වීමට කටයුතු කළහ. මේ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ සියලු දෙනා සමග වෘත්තීය සමිති සාමාජිකත්වය දහස් ගණනින් සහභාගී විය. එසේම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා මහනුවර, කුරුණෑගල, කෑගල්ල යන මැයි රැලි සඳහාද, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා අනුරාධපුරය මැයි රැලිය සඳහාද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පොලොන්නරුව දිස්ත්‍රික් මැයි රැලිය සඳහාද සහභාගී විය.

   

Leave a Reply

Your email address will not be published.