වැඩ කරමු – රට හදමු.. විධිමත්, කාර්යක්‍ෂම ප්‍රවාහන සේවයක් ගොඩනගමු.. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ 27 වන වාර්ෂික සමු`ඵව අද (17) කොළඹ හයිඩ් පාක් පිටියේදී දහස් ගණනක් වූ සාමාජිකත්වය සහිතව පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග හා පශු සම්පත් අමාත්‍ය ලාල්කාන්ත, ප්‍රවාහන, මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ යන සහෝදරවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුලුව පැවැත්වුණු අතර මෙහිදී ඉදිරි වසර සඳහා නව නිලධාරී මණ්ඩයක් පත් කර ගැනීම සිදුවිය. ඒ අනුව ඉදිරි වසර සඳහා එම සංගමයේ ලේකම් ලෙස කේ. එස්. මුණසිංහ සහෝදරයාත්, සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් සහෝදරයාත් පත්කර ගැනීම සිදුවිය.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සමුලුවට දහස් ගණනින් පෙළගැසෙති
