සේවක අරමුදල් සම්බන්ධයෙන් කම්කරු ඇමතිවරු වෘත්තීය සමිති සමග සාකච්ඡා කෙරේ

වත්මන් ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විනාශ කිරීමට කටයුතු කරන බවට ඇතැම් පාර්ශව සිදු කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ කථිකාවක් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත හා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහෝදරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සේ.අ.අ. සහ සේ.භා.අ. ඒකාබද්ධ කර තනි අරමුදලක් ස්ථාපනය කරන බවට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන් අතර අදාළ අරමුදල් වෙන වෙනම පවත්වා ගෙන යන අතරතුර ඒවායේ පරිපාලනය සහ කළමනාකරණය වෙනුවෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම රජයේ අපේක්ෂාව වී ඇති බවද මෙහිදී සදහන් කළහ.
ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇත.
එමෙන්ම ඇතැම් රාජ්‍ය සමාගම්වල සේ.අ.අ., සේ.භා.අ. සහ පාරිතෝෂික දීමනා නොලද සේවකයින්ට එම ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වසරේ රු. මිලියන 5000ක් වෙන් කර ඇති බවද මෙහිදී මහින්ද ජයසිංහ සහෝදරයා ප%කාශ කළහ.
කතිකාවට එක්වෙමින් කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා අවධාරණය කළේ සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාර්‍යක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බවයි.
යහපත් ආණ්ඩුකරණයක් තුළ වගවීමට හා වගකීමට යටත්ව අදාළ අරමුදල් වඩා සුරක්ෂිත කිරීමට හැකිවන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති ගණනාවක් සහභාගී විය. මෙම කතිකාව තුළ පැමිණ සිටි වෘත්තීය සමිති නියෝජිතයින්ට ප්‍රශ්න ඇසීමටද අවස්ථාව ලබා දී තිබිණි.
එහිදී ඔවුන් සිය ගැටලු ඉදිරිපත් කළ අතර ඊට රජය වෙනුවෙන් පැහැදිලි කිරීම් ලබා දුන්නෙමු.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.