වන සංරක්‍ෂණ සේවක සමුලුව කොළඹදී අභිමානවත්ව

වැඩ කරමු – රට හදමු.. සමස්ත ලංකා වන සංරක්‍ෂණ සේවක සංගමයේ ජාතික සමුලුව අද (31) කොළඹ සේවාමුක්ත භට සංගම් ශාලාවේදී පැවැත්විණි. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, සමස්ත ලංකා වන සංරක්‍ෂණ සේවා සංගමයේ ලේකම් එල්.ඒ.එස්. යාපා යන සහෝදරවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුලුව පැවැත්විණි. මේ සඳහා රටපුරා වන සංරක්‍ෂණ සේවකයින් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය

Leave a Reply

Your email address will not be published.