පාසල් නිල ඇඳුම් රෙදි හෝ වවුචර් පත පාසල වාරය අවසන්වීමට පෙර ලබා නොදීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය මගින් විරෝධතා ආරම්භ කර තිබේ. ‘‘පාසල් දරුවන්ට නිල ඇඳුමත් අහිමි කළ මෛත‍්‍රී, මහින්ද, රනිල් බල සූදුවට එරෙහිව පෙළගැසෙමු’’ යන මැයෙන් විරෝධතා පෝස්ටරයක් රටපුරා ඇලවීමටත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කර මීට එරෙහිව ජනතාව පෙළගැස්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පැවසීය.
පාසල් නිල ඇඳුම අහිමි කිරීමට එරෙහිව විරෝධතා
