කොරෝනා ප්‍රතිකාර සඳහා එන ව්‍යාජ නිෂ්පාදන තහනම් කර වෙළඳපොළෙන් ඉවත්කරන්න – වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ජනතාව තුල කොරෝනා සම්බන්ධයෙන් ඇති බිය, සැකය හා අසරණභාවය දඩමීමා කරගනිමින් අවර ගනයේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට පුද්ගලයන් හා ආයතන කටයුතු කරමින් තිබෙන බවත් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මෙම නිෂ්පාදන තහනම් කර වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි. මෙකී නිෂ්පාදන ජනතාවට හඳුන්වාදීමේදී සෞඛ්‍ය ඇමතිවරිය, විවිධ අමාත්‍යවරුන් හා මාධ්‍ය ආයතන මෙන්ම වෛද්‍යවරුන්ද ඔවුන්ට ඇති ජනතා විශ්වාසය අවභාවිතා කර ඇති බවද ඔහු සිය ලිපියක් මගින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා වෙත යවමින් කියා ඇත.
පැණි, ගුලි, දුම් හට්ටි, ආදී විවිධ ස්වරූපයෙන්ගෙන් පැමිණි මෙම නිෂ්පාදන මේ වන විට ජනතාව රවටමින් මහා පරිමාණ ලෙස පෙති, කරල් වැනි බටහිර fඖෂධීය ස්වරූපයන්ගෙන් වෙළඳපොළට පැමිණ ඇති බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටී. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර ජනතාව පොරකමින් භාවිතා කල අවසානයේ මිත්‍යාවක් බවට තහවුරු වූ “ධම්මික පැණිය, රිටිගල පැණිය, තරංගා පැණිය, හෙළ සුවය දුම් මෙන්ම මේ දිනවල කරාපිටිය ශික්‍ෂණ රෝහල සහ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා යන විශ්වාසය ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් යොදාගන්නා සම්පත් කරල හෙවත් ඵැඨ්‍ය් කරලද එවැනි අවභාවිතා කිරීම්වලට උදාහරණ බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.