ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා සහ අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී සහෝදරයා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියහ.
හෙට 28 සිට ජුනි 08වනදා තෙක් සමුළුව පැවැත්වෙන අතර මෙම සමුළුව අතරවාරයේ ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ස්විස්ටර්ලන්ත කමිටුව විසින් අද (27) දින ලාල්කාන්ත සහ ජානක අධිකාරී සහෝදරවරැ සහභාගී වන සම්මන්ත්‍රණයක්ද සුදානම් කර ඇත.

