දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (නොවැ. 27) වන දින පෙ.ව. 10.00 ට දෙමටගොඩ ධාවනබල උප දෙපාර්තමේන්තු කාර්යාලයීය සාහිත්‍ය හා සමාජ ආයතන ශාලාවේ දී පැවැත්විය. මෙම සමුළුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී. විතානගේ සහෝදරයා ඇතුලූව රටපුරා සිටින වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූ බව දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ ලේකම් එම්.ඒ. රත්නසිරි සහෝදරයා පැවසීය.

දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව පවත්වති
