පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් පවතින ආණ්ඩුවට නොමැති පසුබිම හමුවේ හෝටල් ක්ෂේත්‍රය දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් තිබෙන අර්බුදකාරී තත්ත්වය හරහා හෝටල් සේවකයින් දිගින් දිගටම පීඩාවට පත්වීමට එරෙහිව සහ අසාධාරණ ලෙස වැඩි කරන ලද වැට් බද්ධට වහා සංශෝධනය කරන ලෙස ආණ්ඩුවට බල කරමින් හෝටල් සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථාන අරඹා ඇති උද්ඝෝෂණ මාලාවේ එක් උද්ඝෝෂණයක් පසුගිය පෙබරවාරි 29 දින හබරණ නගරයේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විය. හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ ඇතුලු හෝටල් සේවකයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සම්බන්ධ විය.

හෝටල් සේවකයෝ හබරණදී විරෝධතා..
