වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡා

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ වෘත්තිය සමිති නායකයින් පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සහ අමාත්‍යංශ ලේකම් මෙන්ම නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ජනාධිපති අනුර දිසානායක සහෝදරයා පසුගිය අයවැයේදී යෝජනා කළ පරදි වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධව පසුගියදා අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කරනු ලැබූ අතර එම තීරණයට අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි, රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරී සංගමයේ ලේකම් චන්දිම විමලසුරේන්‍ද්‍ර, ඇතුළුව රාජ්‍ය සේවාවන්, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, විශ්‍රාමික ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙම වැටුප් කොමිසම පිහිටුවීම හරහා වැඩ කරන ජනතාවට සැනසිලිදායක වටපිටාවක් මේ සමග නිර්මාණය කිරීමට හැකි වන බවත්, වැටුප් ගැටලු ඇතුළු වෘත්තිය ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය මූලික වටපිටාවක් පිළිබඳව එදින සාකච්ඡාව කළ බවත් එහිදී වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීමෙන් පසු විවිධ පාර්ශව වලට තමන්ගේ ගැටලුව ඉදිරිපත් කර ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව පිළිතුරු ලබාගන්න අවස්ථාවක් ලැබෙන බවත් මෙහිදී චන්දන සූරියආරච්චි සහෝදරයා පැවසීය. එසේම ප්‍රථම වටර විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට හැකි වූ බවද මෙහිදී විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් කේ. සරත්ලාල් පෙරේරා සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.