පුද්ගලික අංශයේ සේවකයින් සඳහා 2026 ජනවාරි සිට අවම වැටුප රු. 30000 ක් දක්වා ඉහළ යන බව අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතීඥ ජානක අධිකාරී සහෝදරයා පවසයි. මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පුද්ගලික අංශය සඳහා හිමි වූයේ රු. 17500 ක් පමණක් බවත් අයවැය සහන දීමනාව එකතු කර විට එය 21500 ක් වූ බවත් නමුත් වර්තමාන ආණ්ඩුව විසින් මුල් අයවැයේදීම එය රු. 27000 ක් දක්වා ඉහළ දැමූ බවත් 2026 වසරේ ජනවාරි සිට එය 30000 ක් දක්වා නැවත වැඩිකර ඇති බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ වුවද පුද්ගලික අංශයේ අවම වැටුප මෙතරම් ඉහළට මෙතරම් කෙටි කාලයකින් වර්තමාන ආණ්ඩුව විසින් වැඩි කිරීම ඉතා ඉහළ සේවක ජයග්‍රහණයක් බවත් ජානක අධිකාරී සහෝදරයා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපති කණිෂ්ක නිරෝෂන් සහෝදරයාද සහභාගී විය.
ජනවාරි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30000 දක්වා ඉහළට
