ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ජාතික ජන බලවේගය හමුවේ..

ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඊයේ දින ජාතික ජනබලවේගයේ නියෝජිතයින් සමග පැලවත්තේදී සාකච්ඡාවක් පැවැත්විය. වෘත්තීය සමිති නායකයින් ඇතුලු 62 කගේ වැඩ තහනම් කිරීම හා විදුලි බල මණ්ඩලය කොටස් වලට කඩා ගෙන එන ලද විකිණීමේ පනත පරාජය කිරීමට හා අනෙකුත් ජාතික සම්පත් විකිණීමට විරෝධය පලකරමින් ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙසේ වෘත්තීය සමිති නියෝජිතයින් ජාතික ජනබලවේගයේ නායකයින් හමුවිය. ජාතික ජනබලවේගයේ විධායක සභිප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් මේ සඳහා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.