ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙස හා ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙස බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් අද දින කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විය. මේ සඳහා වෘත්තීය සමිති, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක්විය.


